ගණිකා නිවාසයක් වටලා විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙකු වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එහිදී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා විදෙස් ජාතික සැකකාරියන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරියන් වයස අවුරුදු 34, 36, 38 වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන් බවයි පොලිසිය පවසන්නේ.
වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













