ඇමෙරිකාව මෙරටට පැන වූ සියයට 30 ක අන්‍යෝන්‍ය තීරු බදුවලට අදාළව තවදුරටත් සහනයක් ලබා ගැනීමට ලබන අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඇමෙරිකාව සමග සාකච්ඡා සිදු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. ඒ වෙනුවෙන් සහභාගී වන මෙරට නියෝජිත කණ්ඩායම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි එම මණ්ඩලය පෙන්වා දෙන්නේ. රටවල් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉලක්ක කරමින් නව අන්‍යෝන්‍ය තීරු බදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් මාසයේදී කටයුතු කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සියයට 44 ක තීරු බදු පනවනු ලැබුවා.
අනතුරුව එය ක්‍රියාත්මක කිරීම දින 90 ක කාලයකට අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ රටවල් රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවයි සඳහන් වන්නේ. ඇමෙරිකාව නව තීරු බදු පිළිබඳ පසුගිය නව වැනිදා මෙරටට නිල වශයෙන් දැනුම් දී තිබු අතර ඒ අනුව පනවා තිබූ නව තීරු බද්ද සියයට 30 ක් වනවා. මේ අනුව එම තීරණය ලබන අගෝස්තු මස පළමු වැනිදා සිට බලාත්මක වනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
උණුසුම් පුවත්
- අල්ලස් නඩු විභාග කිරීමට විශේශ අධිකරණ දෙකක්
- නේපාලයේ නව අගමැතිට ඉන්දීයාවෙන් සුභ පැතුම්
- ඩෑන් ප්‍රියසාද් ඝාතන සැකකරුවන්රඳවා ප්‍රශ්න කිරීම සඳහා අවසර
- ශ්‍රී ලංකාවේ දිගු කාලීන හා කෙටි කාලීන ණය ශේණිය ඉහළට
- පාකිස්තානු කාන්තාවන්ට ලකුණු 293ක ඉලක්කයක්
- වෙල්ලාලගේ අද රෑ යළි ඩුබායි යයි
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- සාමාන්‍ය පෙළට අයදුම්පත් කැඳවීම ඇරඹෙයි