2030 වන විට මෙරටට ඩිජිටල් අපනයනවලින් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ශ්රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව දියත් කිරීමේ උත්සවයේදීයි.
ශ්රී ලංකාව සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයේ වැඩිවීම දෙගුණ කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.