ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක්වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
සිදු කළ වැඩි දුර විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ මෙම සැකකරු ඩෑන් ප්‍රියසාදුගේ සහෝදරයාගේ ඝාතනයටත් සම්බන්ධ අයෙක් බවයි.
සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22වනදා රාත්‍රියේ මියගියා.
වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
උණුසුම් පුවත්
- වනිදුව ලක්නව් ගනිද්දී – වාර්තාගත මිලකට මතීෂ කොල්කටාවට
- ගර්භණී කාන්තාවන්ට රුපියල් 5,000ක පෝෂණ දීමනාවක් – VIDEO –
- ආණ්ඩුවේ වී තොග වෙළඳපොළට නිකුත් කරන්න කැබිනට් අනුමැතිය – VIDEO –
- පොලීසිය ශේප් කරන හැටි විමල් කියයි ! – VIDEO –
- එයාලා මෙයාලා ඔක්කොම එකයි – චමින්ද විජේසිරි – VIDEO –
- කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ 6 දෙනෙකු අත්අඩංගුවට
- විශ්‍රාම වැටුප් ගෙවන දිනයන් ප්‍රකාශ කෙරේ
- සහන බෙදාහැරීමේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට













