පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය ආගමන විගමන නිති උල්ලංඝණය කර ඇති බව පෙනී යන බැවින් , ඇය අත්අඩංගුවට ගත හැකි බව අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම් දී තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන කුසල ලක්මාල් හේරත් මහතා ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සලකා බැලුනා.
ඒ අනුවයි මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.
ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසිභාවයක් නොමැති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් , ඇගේ උප්පැන්න සහතික , ජාතික හැඳුනුම්පත මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ද ව්‍යාජ බවත් , ඇයට එරෙහිව නිතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා එම පැමිණිල්ල ගොනු කර තිබුනා.
මෙම නඩුව ලබන මාර්තු 02 වැනිදා යළි කැඳවීමට නියමිතයි.