ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ ( 11) සමත් වුණා.
ඒ, ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 469 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිීය කණ්ඩායමට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 296ක් පමණයි.
අනතුරුව ඕස්ටේරලියාව සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදීයි.
අවසන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ලකුණු 163 ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ්.
මේ අතර ටෙස්ට් ශූරතාව දිනාගත් ඕස්ටේරලියානු කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් හෙවත් රුපියල් කෝටි 48ක පමණ මුදලක් පිරිණැමුණු අතර, අනුශූරතාව දිනාගත් ඉන්දීය කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 08ක මුදලක් පිරිණැමීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේ.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
- දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
- ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –














