මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා .
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට රෝගී සත්කාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නවක සෞඛ්‍ය වෘත්තිකයින් 309ක් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් .
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි වසර 10ට සරිලන ලෙස සියලු අංශ ආවරණය වන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කරන බවයි .
ඒ අනුව විශේෂයෙන්ම බෝ නොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය පෝෂණය වැනි ක්ෂේත්‍ර සඳහාද වැඩි අවධානයක් යොමු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා .
එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම්ද සකස් කරමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇති බවයි අවධාරණය කළෙ
උණුසුම් පුවත්
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව














