පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව වාහන 19 ක් නිදහස් කිරීමට කටයුතු කළ අතර එයින් වාහන 15 ක් පමණ පූර්ව දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් රැගෙන යනු ලැබුවා.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08 ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03 ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වාහන 01 බැගින් වාහන 15 ක් අදාල ආයතනවලට නැවත භාර දීමටයි කටයුතු යොදා තිබුණේ.

WhatsApp Group

Skip to content