ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. සිය ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, ශ්‍රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බවත් හිටපු ජනපති තාබෝ ම්බෙකි මහතා එහිදී සදහන් කර තිබෙනවා. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බවයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
- බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස ඉහළට
- හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
- විදෙස් පිස්තෝලයක් හා පතුරම් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
- කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
- නව විදුලි බල පනතට විරෝධය පල කරමින් අද දහවල් 12ට විරෝධතාවයක්
- තීරුබදු රහිතව ගෙන්නූ සිගරැට් සමග අයෙක් අත්අඩංගුවට
- මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු මරණයක්