චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා
උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කලා
මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් සිදුකර තිබෙනවා
ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කලා