ගෙවුණු වසරක කාලය තුළදී නව අවබෝධතා ගිවිසුම් 70 කට අත්සන් තැබීමට වත්මන් රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හෙරත් මහතා පවසනවා.
මේ හරහා රාජ්‍යයන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික බැඳීම ශක්තිමත් කර ගැනීමට හැකි වූ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.













