අද උදෑසන සිදු වූ ගුවන් යානා අනතුරකින් ඉන්දියාවේ, මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අනතුරින් නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මහාරාෂ්ඨයේ බරමති ප්‍රදේශයේ ගුවන් තොටුපළ ආසන්නයේදී යානය ගොඩබෑමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා අද බරමති හි පැවැත්වීමට නියමිත මහජන හමුවකට සහභාගී වීම සඳහා උදෑසන මුම්බායි නුවරින් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ආරක්ෂක සහ හදිසි සහන සේවා කණ්ඩායම් යොමු කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.











