මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ නිකවැරටිය හුලව ප්‍රදේශයේදී නිකවැරටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පොලිසියට ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකද සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 52ක් පමණ වන හුළුගල්ල, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.