ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේදී භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රාත්‍රී 10.49 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බවටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.
රික්ටර් පරිමාණයේ ඒකක 2 ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති අතර එය කම්පන මාපකවල සටහන්ව ඇති බව ද එම කාර්යාංශය සඳහන් කළා.
මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබෙන බව ද සඳහන්.