ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමේ අවවාදාත්මක නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දක්වා ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල ඉදිරි පැය කිහිපය තුල ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි..
එමෙන්ම ඉදිරි පැය කිහිපයේ දී ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝනි සදහා වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බවද එම නිවේදනයේ සදහන්.
ඒ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසු වන ලෙසයි එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
- විදුලිසැර වැදී අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට
- මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනයේ යෙදෙන රියදුරන්ට දැනුම්දීමක්
- ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
- රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමක්
- මියන්මාරයෙන් මෙරටට සහල් පරිත්‍යාගයක්
- ජනපති සහ අගමැති ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් හමු වෙයි











