පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් මස්කෙළිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ(25) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනාව.
සැකකරු මස්කෙළිය නගරයේ ආයුර්වේද ඔසුසැලක් පවත්වාගෙන යන බවත් එම ඔසුසලට පැමිණෙන පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාවට සැකකරු විසින් මදනමෝදක ගුලියක් රුපියල් 250ක් වැනි මිලකට අලෙවි කරන බවට මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වැටලීමක් කර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අලෙවිය සඳහා වෙළෙඳ සැල තුළ සඟවා තිබූ මදමෝදක ගුලි 951ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒවායේ වටිනාකම රුපියල් 250,000කට ආසන්න බවයි වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් පවසන්නේ.
සැකකරු මස්කෙළිය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 20ක තරුණයෙක් බවත් එම සැකකරු පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව සමග මිත්‍රත්වයක් දක්වමින් මෙම ජාවාරම සිදුකරගෙනගොස් ඇති බවත් වැටලීම සිදු කළ මස්කෙළිය පොලිසියේ නිලධාරීන් පවසනවා.














