වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදු කළ වැටලීමකදී රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේගේ ගෝලයන් තිදෙනෙකු බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් අවුරුදු 25, 21 සහ 28 යන වයස්වල පසුවෙන වත්තල පල්ලියවත්ත, අවරකොටුව සහ ගලගහදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 165 ක් සොයා ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.










