වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් බවයි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ශුද්ධ ලාභයේ වැඩි වීම රුපියල් බිලියන 13 ක් වන බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් වනවා.
මෙම වසරේ පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 වූ අතර එම ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 11 ක් වැඩිවශයෙන් ඉපයීමට සමත් වීම ද විශේෂත්වයක්.
නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලුම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














