වසරේ පළමු මාස 08 තුළ කොළඹ වරායෙන් රුපියල් බිලියන 32.2 ක ශුද්ධ ලාභයක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය වසරේ පළමු මාස 08 තුළ උපයා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 18. 9 ක් බවයි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ශුද්ධ ලාභයේ වැඩි වීම රුපියල් බිලියන 13 ක් වන බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.
එය ප්‍රතිශතයක් ලෙස 71%ක වර්ධනයක් වනවා.
මෙම වසරේ පළමු මාස 08 තුළ ඇස්තමේන්තුගත ලාභය රුපියල් බිලියන 21 වූ අතර එම ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 11 ක් වැඩිවශයෙන් ඉපයීමට සමත් වීම ද විශේෂත්වයක්.
නැගෙනහිර පර්යන්තය සහ ජය බහාලුම් පර්යන්තය වැනි ඉදිකිරීම් නිම වීමත් සමඟම ඉදිරියේ දී ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













