සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මෙගේ සමීපතම ගෝලයෙකු වන ගම්පහ දේවා නමැත්තා ඊයේ(03) දින උදෑසන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබනෙවා.
ඒ තායිලන්තය වෙත පළායාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදීයි.
දිසානායකගේ දේවාන්මිණි දිසානායක නමැති මොහු 39 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ මිනීමැරුම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රාශියකටම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි.
කෙහෙල්බද්දර පද්මෙ ඩුබායිහි සැඟව සිට පසුව තායිලන්තය වෙත පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසි්න අත්අඩංගුවට ගෙන සිටයිදී එයින් මිදී අතුරුදන්ව සිටින්නෙකි.
ගම්පහ දේවා නමැති අය ඊයේ(03) දින උදෑසන 80.10ට තායිලන්තයේ බැංකොක් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 406 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ කොළඹ උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
උපුටා ගැනීම : දිවයින පුවත්පත