ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපති දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණා.
කෙන් බාලේන්ද්‍ර මෙරට ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් වනවා.
ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්ම අධ්‍යක්ෂ ධූර ද හොබවා තිබෙනවා.
එමෙන්ම කෙන් බාලේන්ද්‍රන් මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වනවා.
යාපනයේ උපත ලද කෙන් බාලේන්ද්‍ර මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ ජීවත් වූ අතර ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙක්.
කෙන් බාලේන්ද්‍ර පාසල් කාලයේ සිටම රග්බි ක්‍රීඩාවට දස්කම් දැක්වූ අයෙක් වනවා.