සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තෙවන හෙවත් අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් ලබාගැනීමට සමත් වූවා.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 124ක් ලබාගැනීමට සමත් වූවා.
ඊට අමතරව නායක චරිත් අසලංක ලකුණු 58ක් ලබාගැනීමට සමත් වූවා.
පෙර තරග දෙකේදීම අසාර්ථක වූ පැතුම් නිශ්ශංක මෙම තරගයේදී ලකුණු 35ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහ්මඩ් සහ මෙහෙදි හසන් මිරාස් කඩුලු දෙක බැගින් සහ ටන්සිම් හසන් ෂකිබ්, ටන්වීර් ඉස්ලාම් සහ සහිම් හොසෙයින් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගයෙන් ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 286ක් ලබාගත යුතු වනවා.
තරගය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීයි.