තමන් කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සඳහන් කර තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ඉල්ලා අස්වීමෙන් පසු සභාපතිවරයාද ඉල්ලා අස්වෙන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
එහිදී ඔහු පවසා ඇත්තේ, තමන් නීත්‍යානුකූලව පත්වූ සභාපතිවරයා බවයි.
එසේම තාම ධුර කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ඇතැම් අවස්ථාවල පරාජයන්ද ලබා ඇති බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය බවද ඔහු පවසනවා.
ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් මෙන්ම ක්‍රිකට් ආයතනයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම සඳහා මේ වන විටත් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.