දහස් ගණන් ජනතාවගේ ගමනාගමන කටයුතු පහසුකරවිමේ අරමුණෙන් කින්නියා කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඇමෙරිකා ඩොලර් මිලියන 10.5ක් ඒ සඳහා වෙන් කිරීමට අදාළ ගිවිසුමටත් අත්සන් තැබුණා.
කින්නියා ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලක්ෂයකට අධික ජනතාවකට සිය ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා කුරින්චකර්නි පාලම උපකාරී වනවා.
මෙම පාලමේ ඉදිකිරීම් මීට පෙර ආරම්භ කෙරුණ ද අතරමග නතර වී තිබෙනවා.
එහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන්කෙරෙනවා.