Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට

    කැනඩාවේ රැකියා පෙන්වා ලක්ෂ 149ක් වංචාකළ සැකකරු අත්අඩංගුවට

    ෆෙස්බුක් රැකියා වංචාකරුවෙකුත් ඒ අතර.
    2025-10-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (9) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවයද ලබා ඇති අයෙකි.

    එම තත්ත්වය උපයෝගි කරගනිමින් මොහු පුද්ගලයින්ගෙන් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.

    ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව විදේශ ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

    පොලිස් උපායදූතයෙකු මාර්ගයෙන් ඔහුගේ විදේශ ගමන් තහනම ඉවත් කරගත හැකි බව පවසා සැකකරු ඊයේ(09) දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීමට මුදල් අයකිරීම හා වංචා සිදුකිරීම යන චෝදනාවට එරෙහිව විමර්ශන නිළධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, අද දින (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මේ අතර, ෆෙස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ රුමේනියාව, පෝලන්තය, ජර්මනිය වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා දැන්වීම් පළකර මුදල් අය කළ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ දින (9) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ නිව් රෝයල් රෙක්රූට්මන්ට් නමින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධි ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

    ඒ අනුව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මෙම පුද්ගලයා කැඳවා ඇති අතර, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යමින් ගුරුවරයෙකු වශයෙන්ද කටයුතු කරන අයෙකි.

    ඔහුට එරෙහිව තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඊට අදාළවද විමර්ශන සිදු කරමින් පවතිනවා.

    අත්අඩංගුවට ගත් සැකකරු අද දින (10) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ අදහසක් අනුව ආරම්භ කරන ලද මෙම පොලිස් ඒකකයට විදේශ රැකියා වංචනිකයින් සම්බන්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙන අතර, එම පැමිණිලි අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් විසින් සිදුකරන මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.

    වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 0112882228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    පෙර පුව​තහිටපු මහ බැංකු අධිපතිට එරෙහි නඩුව විභාගයට දිනදෙයි
    ඊළඟ පුව​ත ගිනි අවියක් සහ මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group