ඉදිරි පැය 36 සඳහා සාමාන්‍ය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.
ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30ක 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්.