එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ගණකාධිකාරීවරයෙකු , කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් 11/26 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
සිරි ශ්‍යාමලී වීරසිංහ එංගලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි දැනට එංගලන්තයේ පදිංචි , ශ්‍රී ලංකාවේ පන්නිපිටිය ප්‍රදේශයේ ද පදිංචි 55 හැවිරිදි , එරට කාර්යාල කාර්යය සහායකවරියක ලෙස සේවය කරන්නියකි .ඇය 11/26 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇයගේ අත් බෑගය තුළ රුපියල් දහ හතර ලක්ෂ විසි තුන් දහස් පන්සීයයක් වටිනා ස්ටර්ලින් පවුම් 2,700 ක් , අලුත් අයි වර්ගයේ ජංගම දුරකථන 02 ක් සහ සැම්සුන් වර්ගයේ ජංගම දුරකථන 02 ක් තිබී ඇත .