සිංගප්පූරුවේ සිට පැමිණි සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් වික්ටෝරියා අද අලුයම කොළඹ වරාය වෙත සේන්දු වී තිබේ.
මෙම නෞකාවේ මගීන් 1812 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 964 දෙනෙකු ඇති අතර බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල සංචාරකයින් පිරිසක් මෙහි ගමන් කරයි.
ඔවුන් අද ගාල්ල, මහනුවර සහ පින්නවල යන ස්ථානවල සංචාරය කිරීමට නියමිතයි.