ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ ඉන්දීය මාධ්‍ය ආයතනයක් මගින් සිදුකළ අනාවරණයකින් පසුවයි.
අදාළ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදියෙකු සමග සිදුකළ කතාබහකදී පළවු ආන්දොලනාත්මක අදහස් ප්‍රචාරය වීමෙන් පසුවයි මෙම තත්ත්වය උදා වී ඇත්තේ.
අදාළ මාධ්‍යවේදියා විසින් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සමග කළ කතාබහ රහසිගතව පටිගතකර තිබුණා.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැගවීම සදහා ශාරිරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් ලබා ගන්නා බව චේතන් ෂර්මා එහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.