ඊයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 74ක් වූ හා මියගිය පිරිමි පුද්ගලයා වයස අවුරුදු 25 ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයායි.
මෘත ශරීර ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඝාතනය සිදු කල බවට සැකකරන වයස අවුරුදු 43 ක් වන සැකකරු මියගිය අයගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනා ගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරණ්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.