කඳපොල චන්දිරිගම ප්‍රදේශයේ නායයෑමකින් අතුරුදහන් වූ පවුලක් සොයා මේ වනවිට යුද හමුදාව මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
මව, දරුවන් දෙදෙනා සහ එම පවුලේ මිත්තනිය මෙලෙස අතුරුදන්ව ඇති අතර, නුවරඑළිය සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම මෙහෙයුම ඊයේ දින සිට දියත් කරනු ලැබුවා.
ඉකුත් 27 වනදා දහවල් එම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව සමග මෙම නිවස නාය ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් සියලුදෙනා නිවසේ රැඳී සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අතුරුදහන් වූවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.













