ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් මහත්මිය පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමු වුණා.
මෙම හමුවේදී විවිධ අංශවලින් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහය පිළිබඳව කථානායකවරයා සිය කෘතඥතාව පළ කරනු ලැබුවා.
එමෙන්ම ආර්ථික සංවර්ධනය, දූෂණ විරෝධී පියවරයන්, සංහිඳියාව සහ පාර්ලිමේන්තු සහයෝගීතාව වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී අවධානයට ලක්ව තිබෙනවා.