ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර ඇති බව තණමල්විල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
මෙවර ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භවී ජූලි මස 03 දින මහ පෙරහර පවත්වා පසු දින මැණික් ගගේ දිය කැපීමෙන් පසු නිමාවට පත් වනු ඇති.
මෙම පෙරහර මංගල්‍යය නිමිත්තෙන් විශේෂ රාජකාරි සඳහා පැමිණීමට නියමිත පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබා දීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබෙනවා.
මේ අනුව කතරගම ජාතික පාසල, සෙල්ල කතරගම මහා විදුහල හා දෙටගමුව විදුහල පොලීසිය වෙත භාරදීමට නියමිතයි.
මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 දින යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බුද්ධික කරුණාදාස මහතා පවසනවා.
උණුසුම් පුවත්
- ප්‍රංශයෙන් අනතුරු ඇගවීමක්
- කාළගුණයෙන් රතු එළි
- රටම එකට මෙහෙයුම අඛණ්ඩව දිවයින පුරා
- හැටන් නගරයේ රථාගලක් ඉදිකිරීමට මිලියන 500ක්
- ආයුර්වේද වෛද්‍ය පීඨ ගැටළු විසඳීමට නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- රුසියාවේ මිත්‍රත්ව සම්මානය දිනා ගත් වෛද්‍ය සමන් වීරසිංහ දිවයිනට
- 2026 ලෝක කුසලානය පූර්ව සූදානම පිළිබඳ ICC යෙන් පැහැදිලිකිරීමක්
- ට්‍රම්ප් හංගේරියාවට පනවා තිබූ රුසියානු සම්බාදක තාවකාලිකව ඉවත් කරයි












