ඉන්සියුලින් ඖෂධ වල කිසිදු හිගයක් මෙම අවස්ථාවේදී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ලෝක ඖෂධවේදීන්ගේ දිනය වෙනුවෙන් පැවති සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් .
මෙම සැමරුම් උත්සවය ඊයේ පස්වරුවේ කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.
ලෝක ඖෂධවේදීන්ගේ දින තේමා පාඨයවන “සෞඛ්‍යය ගැන සිතන්න, ඖෂධවේදියා ගැන සිතන්න” යන්න මුල් කර ගනිමින් මෙවර ලෝක ඖෂධවේදී දිනය සැමරීමට මෙරට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පියවර ගෙන තිබුණා.
එමෙන්ම ඖෂධ, ආයුර්වේද, ආහාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන ආදී සියලු ක්ෂේත්‍රයන්ට අදාලව පරීක්ෂණ කළ හැකි අතිනවීන පහසුකම් සහිත පරීක්ෂණාගාරයක් ඉදිකිරීම සඳහා වන සාකච්ඡා මේ වන විට සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කලේ.
වර්තමානය වන විට මෙරට ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුළුව ව්‍යාපාරිකයන් ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනය කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේ දී ඖෂධ සැලකිය යුතු ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කර ගත හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා .
රජයේ වගකීම ලෙස ඖෂධ නියාමණය සඳහා වන ජාතික ඖෂධ නියාමන අධිකාරිය තවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ.