ඊයේ මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ගත්තා. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහළොවකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් දෙසිය අසූ නවයක් වනවා. එමෙන්ම ඔක්ටේන් අනු දෙක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දොළහකින් ඉහළ නැංවෙන අතර එහි නව මිල වන්නේ රුපියල් තුන්සිය පහක්. ලංකා භූමිතෙල් මිල ද රුපියල් හතකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් එකසිය අසූ පහක් වනවා. මිට අමතරව ඔක්ටේන් අනු පහ වර්ගයේ පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දෙන්නේ. මේ අතර ලංකා ඉන්දියන් තෙල් සමාගමද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සාපේක්ෂව එම ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ රැසකට තද වැසි !
- පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
- එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !
- මෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
- මරික්කාර් කෙලින් තීරණයක් ගනියි ? – VIDEO –
- මේක රනිල්ගේ හතරවැනි අයවැය ? – දිලිත් – VIDEO –
- 2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
- මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක්













