මැලේසියාවේ සිට ඉතාලි ධජය සහිත මීටර් 254 ක දිගින් යුත් එයිඩා ස්ටෙලා සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
මැලේසියාවේ සිට ඊයේ රාත්‍රීයේ හම්බන්තොට වරායට ළගා වූ මෙම නෞකාව අද උදෑසනයි කොළඹ වරායට පැමිණ තිබුණේ.
එයිඩා ස්ටෙලා නෞකාව අද රාත්‍රියේ මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතයි.
මෙහි මගීන් 2,022 දෙනෙකුද කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 628 කින්ද සමන්විත වන අතර, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, බෙල්ජියම ඇතුලු රටවල් 30 කට ආසන්න සංචාරකයින් එහි පැමිණ තිබෙනවා.
මෙම සංචාරකයින් කොළඹ, පින්නවල, මහනුවර සහ මීගමුව යන සංචාරක ගමනාන්ත අද දිනයේදී නැරඹීමට නියමිතයි.