එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.
පක්ෂයට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුවේ තීරණයකට අනුවයි මෙලෙස අදහස් යෝජනා ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ.
අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කටයුතු කරනු ලබනවා .