2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ නැමීඹියාවට එරෙහි තරගය ලකුණු 41කින් ජය ගන්නට එංගලන්තය සමත් වුණා.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය එක් ඉනිමට පන්දුවාර 10කට සීමා කිරීමට විනිසුරුවරුන් කටයුතු කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ නැමීඹියාවට නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 03ක් දැවී ලබා ගත හැකි වුණේ ලකුණු 84ක් පමණයි.
මේ අතර ඔස්ටේ්රලියාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේ්රලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.