වෘත්තීය වෙනුවෙන් කැපවූ සහ දයානුකම්පිත වෘත්තිකයන් ලෙස උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිතපරිපූරක වෛද්‍ය විද්‍යාලවල පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවයට එක් වෙමින්.
හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව, විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව , වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව සහ විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් සහායි මෙම ඩිප්ලෝමා ප්‍රධානය කෙරුණේ.
ඒ අනුව උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කිරීම සිදු වුනා.
උණුසුම් පුවත්
- රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට
- එංගලන්තයේ දේවස්ථානයක පිහි ඇණුමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
- මියුනිච් ගුවන් තොටුපළේ කටයුතු තවකාලිකව අත්හිටුවයි
- සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්
- උණුසුම් කාලගුණය ගැන රතු නිවේදනයක් !
- අහස රැක ගන්න යුරෝපයෙන් අලුත් වැඩක්
- සජිත් අයි.එම්.එෆ් නියෝජිතයන් හමුවෙයි – VIDEO –
- චෝදනා වලට අල්ලස් කොමිසමෙන් පිළිතුරු – VIDEO –