කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවා ලබා ඇත්තේ, නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නැමැත්තා බව පොලීසිය පවසනවා.
ඔහු බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 29 දා රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව රෝහල් ගතකර සිටි බවයි වාර්තා වන්නේ .
එම පුද්ගලයා දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා .
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ 14 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන 6.15ට පමණ මෙම පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක් වුණා.
නාඳුනන තුවක්කුකරුවෙකු විසින් රොවෝල්වර් වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර රෝහලේ තාප්පයට උඩින් පැන පලාගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව ඇති බවත් පොලීසිය පවසනවා .













