පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදු කරගෙන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොනරාගල නගරයේ සිදු කළ වැටලීමකදීයි.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ විවිධ මිල ගණන් යටතේ සැකකරු විසින් පාසල් සිසුන්ට ඊ සිගරට් අලෙවි කර ඇති බවයි.
එසේම සැකකරු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු මොනරාගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහුව මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.