ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළව රැකියා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් ලියාපදිංචිය අද(27) දින සිට ජුලි මස 01 වැනිදා දක්වා ආරම්භ කිරීමට තීරණය කර තිබුණද නොවැලැක්විය හැකි හේතුවක් මත එය අත්හිටුවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
මින් පෙර එම කාර්යාංශය නිවේදනය කර තිබුණේ අදාළ රැකියා අවස්ථාවන් සඳහා අද(27) දිනයේ සිට ලියාපදිංචි විය හැකි බවයි.