මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කරමින් මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ක්‍රියාන්විතය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ යටතේ ඊයේ දිනයේ දී සිදුකළ වැටලීම්වල දී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැටලීම් 976ක් ඊයේ දිනයේ සිදුකළ අතර එහිදී සැකකරුවන් 968 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා.
සැකකරුවන් 26 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැණුනා.
නීති විරෝධි වත්කම් විමර්ෂණ ආරම්භ කළ සැකකරුවන් ගණන තුනක්.
28 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ.
මෙම වැටලීම්වල දී හෙරොයින් ග්‍රෑම් 401ක් , අයිස් ග්‍රෑම් 640ක් , ගංජා කිලෝ 54යි ග්‍රෑම් 715ක් ඇතුලුව කුෂ්, හෂිෂ්, මත්පෙති ,මාවා ඇතුලු තවත් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලිසිය පවසන්නේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට














