ඊජිප්තු අරාබි ජනරජයේ කසර් මිසර් පුස්තකාලය වෙත පොත් පරිත්‍යාග කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් සිදු කර තිබෙනවා .
ඒ අනුව එම පොත් තොගය ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් ඊබ්‍රහිම් මහතා වෙත භාර දී තිබෙනවා.
මහාවංශය, සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය, ත්‍රෛභාෂිතය, විශ්වකෝෂ, අමාවතුර, ධම්මපදය, දීපවංශය, අභිලේඛන සංග්‍රහ, පුරාණ ශ්‍රි ලංකාවේ වාරි කර්මාන්ත සහ ඓතිහාසික කොළඹ කොටුවේ පුරාවිද්‍යාත්මක ස්මාරක ඇතුළු වටිනා ග්‍රන්ථ රැසක් ඊට ඇතුළත්.
මෙම අවස්ථාව සඳහා ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලයේ උපදේශක මොහොමඩ් මාදි ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මිකා විජයසිංහ, අමාත්‍යතුමාගේ මහජන සම්බන්ධීකරණ ලේකම් රුවන් ප්‍රේමවීර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එල්.වී හෙට්ටිආරච්චි ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










