ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා පැවැත්වෙනවා.
ඒ යුරෝපා බලවතුන් 3 දෙනෙකු සමඟයි.
ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය යන රටවල් සමග මෙම සාකච්චා පැවැත්වෙනු ඇති.
චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව හා එක්සත් රාජධානිය ඉරානය සමඟ ඇති කරගත් 2015 න්‍යෂ්ටික ගිවිසුමේ කොටසක් ලෙස මෙම සාකච්ඡා පැවැත්වෙනවා.
සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අපොහොසත් වීම ටෙහෙරානයට ජාත්‍යන්තර සම්බාධක නැවත පැනවීමට හේතු වන බවට ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය අනතුරු ඇඟවීමත් සමගයි ඉරානය මෙලෙස සාකච්ඡා කිරීමට සුදානම් වන්නේ.