ඊශ්‍රායිල – ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට ගත වූ පැය 24 තුළ දෙවතාවක් ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා.
පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල වුණා.
ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතත් ජනතාව ආරක්‍ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත හානි වාර්තා නොවන බවයි සඳහන් වන්නේ.
එල්ල කරන ලද මිසයිල 26 න් 23 ක් විනාශ කරන ලද අතර 3ක් පමණක් ඊශ්‍රායල භූමියට පතිත වුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ට සිදු වූ අනතුරු පිළිබඳව වාර්තා වන්නේ නැහැ.