නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා 5ක සිටි ධීවරයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
අදාළ ධීවරයින් සහ යාත්‍රා තලෙයිමන්නාරම ජැටිය වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.