ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 190 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 338 ක්.

එහිදි අගනා ඉනිමක් ක්‍රීඩා කළ පොහෙබ් ලිච්ෆෙල්ඩ් ලකුණු 119 ක් සහ නායිකා ඇලීසා හේලී ලකුණු 82 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රියංකා පාටිල් ලකුණු 57 ට කඩුලු 3 ක් බිඳහෙ`ඵවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ ස්මිරිටි මන්දනා ලකුණු 29 ක් රැස් කළා.

පන්දු යැවීමේදී ජෝර්ජියා ලකුණු 23 ට කඩුලු 3 ක් බිදහෙ`ඵවා.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3 ට 0 ක් ලෙස ජයගනු ලැබුවේ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමයි.

WhatsApp Group

Skip to content