ඉන්දියාවේ ජම්බු සහ කාශ්මිර ප්රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
ඉන්දීය වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ රික්ටර් මාපක ඒකක 5.7 ක භූ කම්පනයක් සිදුව ඇති බව සදහන්.
එය ඉන්දියාවේ උතුරු ප්රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් දේපල හානි හෝ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.