ඉන්දියාව වෙත පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පොහොර, දුර්ලභ දෘඪ චුම්බක, ඛනිජ මෙන්ම උමං කැණීම් යන්ත්‍ර අපනනයට චීනය විසින් පනවා තිබූ සීමායි මෙලෙස ඉවත් කර ඇත්තේ.
පසුගියදා පැවති චීන – ඉන්දියා නියෝජිත හමුවේ වැදගත් පියවරක් ලෙස මෙම පියවර දැකගත හැකියි.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යි නවදිල්ලියේදී හමුවී සාකච්ඡා කර තිබුණා.