ඉතාලිය සහ ශ්රී ලංකාව අතර හමුදා පුහුණු හුවමාරු කර ගැනීම පිළිබද අවධානය යොමුව තිබෙනවා.
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ ඉතාලි ආරක්ෂක උපදේශක කැප්ටන් ෆැබියෝ සිමා අතර පැවැති සාකච්ඡාවකදීයි මේ පිළිබද අවධානය යොමුව ඇත්තේ.
ඊට සමගාමිව ශ්රී ලංකාවේ ඉතාලි තානාපතිනිය ආරක්ෂ ලේකම්වරයා හමුවු අතර එහිදී දෙරටේ ආරක්ෂක සහයෝගිතාව පිළිබද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
මෙහිදී ශ්රී ලංකාවේ සුන්දරත්වය සහ සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබද ඇයගේ විශේෂ අවධානයට ලක්වු බවයි ආරක්ෂක අමාත්යංශය සදහන් කළේ.